27 April 2024
#සංවර්ධන

කිරුළපන ආයූර්වේද මධ්‍යස්ථානය ජනතා අයිතියට

කොළඹ මහ නගර සභාවේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් කිරුළපන නිහාල් සිල්වා මාවතේ අලුතින් ඉදි කරන ලද ආයුර්වේද මධ්‍යස්ථානය විවෘත කිරීම නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහල් දෙකකින් සමන්විත වන මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 12 ක මුදලක් වැය කර ඉදි කොට ඇත. මීට අමතරව කොළඹ මහ නගර සභාවේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් නිෂ්පාදනය කර ඇති කුරුදු තේ සහ ඉරමුසු පානය මහජනයා වෙත හදුන්වා දීම ද මෙහිදී සිදු විය.

මහ නගර සභාව සතු දේශීය ආයුර්වේද මධ්‍යස්ථාන 21 තුළින් රුපියල් 290 ක් වැනි මුදලකට ඒවා මිලදී ගැනීමේ හැකියාවද මහජනයාට ලැබෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂීණී දිසානායක මහත්මිය, ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වෛද්‍ය එම්.ජේ. මාරසිංහ මහතා ඇතුළුව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *