කොලොන්නාවේ වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක සැළලිහිණි මාවත ඇල සංවර්ධනය සහ ඒ ආශ්‍රිත පාලම්, බෝක්කු, ජල රඳවන තටාක, වැව් සහ කුඩා ඇල මාර්ග පද්ධතිවල ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කර තිබේ.කැලණි ගඟේ පහත්බිම් ආශ්‍රිතව පිහිටා ඇති කොලොන්නාව ප්‍රදේශය නිරන්තර ගංවතුර තර්ජිත ප්‍රදේශයක් බවට පත්ව ඇති අතර, එය වැළැක්වීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 10,700 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙහිදී දහම්වෙල ඇල (කි.මී. 3.88), පස්සන්න ඇල (කි.මී. 4.48), සැලළිහිණි මාවත ඇල (කි.මී. 3.25) සහ දඬුකොට ඇල (කි.මී. 0.97) යන ප්‍රධාන ඇල මාර්ග හතරක් පුළුල් කර සංවර්ධනය කෙරෙන අතර, නියෝජ්‍ය අමාත්‍යවරයා අංගොඩ ඉහළ කොටසේ සිට කැලණිමුල්ල පහළ කොටස දක්වා සැළලිහිණි මාවත ඇල මාර්ගයේ පා ගමනින් ක්ෂේත්‍ර පරීක්ෂාවට එක්විය.














