විනිසුරුවන්ගේ සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ද සේවා කාලය දීර්ඝ කළ යුතු බව ෆීලඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.හමුදා සේවයේ නියුතු පිරිස් වසර 20 ක සේවා කාලයකින් පසු වයස අවුරුදු 45 දී පමණ විශ්‍රාම යාම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු ජීවිතයේ වැඩිම වගකීම් ප්‍රමාණයක් ඇති එම කාලයේදී අලුතින් රැකියාවක් සොයා ගැනීමට නොහැකිව දැඩි සමාජීය සහ ආර්ථික ගැටලුවලට මුහුණ දෙන බව ඒ මහතා පෙන්වා දී ඇත. ඇමරිකාව වැනි දියුණු රටවල හමුදාපතිවරුන් වයස අවුරුදු 70 දක්වා සේවය කරන බව පෙන්වා දුන් ෆොන්සේකා මහතා, තමන් හමුදා සේවයෙන් ඉවත් වී වසර 20 ක් ගත වුවද තවමත් කායිකව සහ මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත් හමුදාවට අණ දීමට තමන්ට දැනටත් හැකි බවත් අවධාරණය කළේය.













