විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නැමැත්තාගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටි සැකකරුවෙකු සහස්පුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මෙම සැකකරු නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇතිවීමට දින තුනකට පෙර ඇප මත මුදා හැර ඇති අයෙකි.
සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කොස් මල්ලී සමඟ පැවැත්වූ සංවාදවල හඬපට සොයාගෙන ඇති අතර, ඔහු මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් අස්මාන්ගේ ද සමීපතමයෙකු බව පොලීසිය පවසයි.













