කොස්ගම, තාවල්ගොඩ ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් සහ 17ක් වන තරුණයින් දෙදෙනෙකි.
මියගිය තරුණයින්ගේ දේහයන් මේ වන විට කොස්ගම සාලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














