27 April 2024
#දේශීය

කොස්ගොඩ හිමිනමක් ඝාතනයට ලක්වෙයි

කොස්ගොඩ, මහඉඳුරුව ශ්‍රී විජයධර්මානන්ද පිරිවෙනේ නායක හිමියන් ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ අද (29) පෙරවරු 10 ට කොස්ගොඩ පොලිසියට ලද දුරකතන පණිවිඩයකට අදාළ පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඝාතනයට ලක් වු හිමිනම වයස අවුරුදු 73 ක් වු ශ්‍රී විජයධර්මානන්ද පිරිවෙනේ නායක හිමිනමයි. මෙම හිමිනම විහාරස්ථානයේ ආවාස ගෙයි හිමිනම වැඩ විසු කුටිය තුල මෙසේ ඝාතනයට ලක්ව සිටියදී හමුවී ඇති අතර ඝාතනය සිදු වු ආකාරය හා සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබන පොලිසිය පවසයි.

මහේස්ත්‍රාත් පරික්ෂණය බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *