27 April 2024
#දේශීය

කරන්නාගොඩත් දේශපාලන පළිගැනීම් ජනාධිපති කොමිසම හමුවේ !

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ   දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (29) පෙනී සිටීමට නියමිතය.

ඒ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමේ දී පළිගැනීමේ චේතනාවෙන් යුතුව තමන්ට එරෙහිව කටයුතු කර ඇති බව පවසමින් හිටපු නාවික හමුදාපති  වසන්ත කරන්නාගොඩ විසින්  ජනපති කොමිසමට කර තිබූ පැමිණිල්ලේ සාක්ෂි  ඉදිරිපත් කිරීම සඳහාය.

අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු නාවික හමුදාපතිවරයාට දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව කටයුතු අත්හිටවූ ජනාධිපති කොමිසමේ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව හිටපු නාවික හමුදාපති  වසන්ත කරන්නාගොඩගේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම සිදුකරන පළමු දිනය අද වන බවත් සඳහන් ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *