කොස්ලන්ද, අලුත්වෙල, අන්නාසිගල රක්ෂිතයේ වෙල් යායක තිබී මියගොස් සිටියදී සොයාගත් වනඅලියා බෙහෙත් කොටන තුවක්කුවකින් යටිබඩට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, උඩවලව ඇත් අතුරු සෙවණේ වෛද්‍ය මාලක අබේවර්ධන මහතා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අලියාගේ බාහිර තුවාල කිසිවක් නොතිබුණද, උදරය පසාරු කර ගෙන ගොස් යටිබඩ ප්‍රදේශයේ රැඳී තිබූ මූනිස්සමක් සොයාගෙන ඇති අතර, පසුව වනජීවි සහ පොලිස් නිලධාරීන් එක්ව බැකෝ යන්ත්‍රයක් මඟින් එම ප්‍රදේශයේ වළක් හාරා මියගිය අලියා මිහිදන් කර ඇත.














