කොටගල ප්‍රාදේශීය සභාවේ ඊරොස්ට් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී ගනේශන් රාජේන්ද්‍රන් මහතාට ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායකවරයෙකු සහ ආධාරකරුවෙකු විසින් කොටගල නගරයේදී පහර දී ඇති අතර, ඒ හේතුවෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා කොටගල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සභා තුළදී උප සභාපතිනියට බැන වැදීම නතර කරන ලෙස බල කරමින් මෝටර් රථය හරස් කර මෙම ප්‍රහාරය එල්ල කර මෝටර් රථයේ යතුරද රැගෙන ගොස් ඇති බවට මන්ත්‍රීවරයා දිඹුල පතන පොලිසියට පැමිණිලි කර ඇති අතර, සැකකරුවන් තම නිවසට ගොස් බිරිඳට තර්ජනය කර ඇතැයිද ඔහු පවසයි. පහර දුන් බව කියන සැකකරුවන්ද ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්ව ඇති අතර, ඔවුන් රෝහලෙන් බැහැර වූ පසු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතික පියවර ගැනීමට කටයුතු කරන බව දිඹුල පතන පොලිසිය ප්‍රකාශ කරයි.
















