කොටවෙහෙර පොලිස් වසමේ හුදලියාව වැව ආසන්නයේදී 2026 සැප්තැම්බර් 10 වන දින රාත්රී කාලයේ වන අලියෙකු විසින් කරන ලද ප්රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව කොටවෙහෙර පොලිසිය පවසයි.
මෙම ප්රහාරයෙන් මියගොස් ඇත්තේ මැල්ලගස්වැව ප්රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කොටවෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














