කොත්මලේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය නියංගම්දොර පඤ්ඤානන්ද ස්වාමින්වහන්සේගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. අපවත් වන විට උන්වහන්සේ 79 වන වියෙහි පසු වූහ. පංචමහා විහාරාධිපතීන් වහන්සේ නමක ලෙස උන්වහන්සේ ආගමික හා ජාතික මෙහෙවරක් ඉටු කළහ. මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීරආරච්චි සහ අනුෂ්කා තිලකරත්න යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.














