පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ජලාශයේ වාන් දොරටු සහ මඬ සොරොව් විවෘත කිරීමට පියවර ගන්නා බව මහවැලි අධිකාරිය පවසයි.
ඒ අනුව, අද (03) පස්වරු 3:00 සිට අදාළ වාන් දොරටු සහ මඬ සොරොව් විවෘත කිරීම ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් කොත්මලේ ජලාශයට පහළින් පිහිටි පහත්බිම් සහ කොත්මලේ ඔය දෙපස ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් බලධාරීන් තරයේ ඉල්ලා සිටී.
















