ඉදිරි පැය 24ක කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට වැඩි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් ඉහළ යමින් පවතී. ඉදිරියේදීත් අධි තීව්‍රතාවයකින් යුතුව වර්ෂාව ඇති විය හැකි බැවින් ගඟෙහි ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යා හැකි වේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන්, ගඟ පරිහරණය කරන්නන්ගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින අතර, අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින් දන්වා ඇත.
















