රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලයේ සේවයේ නියුතු ආදායම් පරීක්ෂකවරයා අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම පවසයි.
පැමිණිලිකරු 2018 වර්ෂයේදී මිලදී ගෙන පදිංචිව සිටින නිවසක සැලසුමේ සහ තක්සේරුවේ ගැටළුවක් ඇති බව පවසා, එය විසඳා පැමිණිලිකරුගේ නමින් වරිපනම් ගෙවීම සඳහා සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති අතර, පරණ හිඹුටාන පාරේ බේකරිය හන්දිය අභිනවාරාම විහාරස්ථානය ඉදිරිපිටදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.














