27 April 2024
#දේශීය

කේ.පී.ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

අභියාචනාධිකරණ සභාපති විනිසුරු කේ.පී.ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම අද (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

මේ අතර අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපති ලෙසත්, මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *