ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විමසීම සඳහා ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) පියවර ගත්තේය.
අධිකරණ විනිසුරු නදි අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ යටතේ විදේශීය සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කිරීමේ නිල ක්‍රමවේදය ප්‍රකාරව අදාළ සාක්ෂිකරුවන්ට සිතාසි යැවීමට පියවර ගන්නා ලෙස පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.
මෙම සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කර තිබුණි. එම දැනුම්දීම සැලකිල්ලට ගත් විනිසුරුවරිය, නීත්‍යානුකූල ක්‍රමවේදය අනුගමනය කරමින් සාක්ෂිකරුවන් කැඳවීමට පියවර ගන්නා ලෙස නියම කළාය. මෙම නඩුව සම්බන්ධයෙන් මීට පෙරද විවිධ අවස්ථාවලදී සාක්ෂි විමසීම සඳහා විදේශීය පාර්ශවයන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව අවධානය යොමුව තිබූ අතර, අද දින අධිකරණයෙන් ලද මෙම නියෝගය නඩු කටයුතු ඉදිරියට ගෙන යාමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
















