සංවිධානාත්මක අපරාධකරු කංජිපානි ඉම්රාන් සමඟ එක්ව, කතරගම සහ දෙවිනුවර දේවාලයන්හි බස්නායක නිලමේ තිළිණ මධුසංඛ වෙත තර්ජනාත්මක හඬපටය වට්ස්ඇප් ඔස්සේ යැවූ බව මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් ‘රත්මලානේ කුඩු සයිමා’ පොලිසිය හමුවේ පිළිගෙන තිබේ. තවත් අපරාධකරුවෙකු වන ‘උණාකූරූවේ ශාන්ත’ සමඟ ද එක්ව මෙම සැලසුම ක්‍රියාත්මක කළ බව ඔහු සඳහන් කර ඇත.














