බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් හිමිවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දීමෙන් පසු මෙම නව අසුන් පැනවීම සිදු කිරීමට නියමිතය. ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුවලට ස්වාධීන ලෙස ඉඩ සැලසීම සඳහා ඔහු පසුගිය 17 වැනි සිකුරාදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත් වූ කුමාර ජයකොඩි මහතා සමඟ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ද පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව වාර්තා වේ.
















