• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාතයෙන් බෝවන නව කොරෝනා කතාව බොරුවක් බව කුමුදේෂ් කියයි

25 April 2021
in දේශීය

වාතයෙන් බෝවෙන නව කොරෝනා වෛරසයක් ව්‍යාපත වී ඇති බව පැවසෙන සියලු වාර්තා සත්‍යයෙන් තොර බව රසායනාගාර සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසා සිටියේ පසුගිය මාර්තු මාසයේ සිට PCR පරීක්ෂණ නොකරමින් අත්තනෝමතිකව ගණු ලැබූ තීරණවල වරද සඟවා ගන්න්නට වාතය මගින් වෛරසය බෝවිය හැකි බව ප්‍රචාරණය කරන බවයි.

 

රසායනාගාර සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා සටහන පහත පරිදි සම්පුර්ණයෙන් ……

 

වාතයෙන් බෝ වෙන නව කොවිඩ් වෛරසයක් රට තුල ව්‍යාප්ත වී ඇති කථාව, බොරුවක්!

 

වාතයෙන් බෝවෙන නව කොරෝනා වෛරසයක් ව්‍යාපත වී ඇති බව පැවසෙන සියලු වාර්තා සත්‍යයෙන් තොරයි. කොරෝනා වෛරසය වාතයෙන් පැතිරෙන්නේ ද යන්න පිළිබඳව විවාදාත්මක තත්වයක් වෛරසය පැතිරුණු මුල් වකවානුවේ සිට බොහෝ පර්යේෂකයන්ගේ අවධානයට යොමු වී තිබුණු අතර ඒ පිළිබඳව තවමත් ස්ථිර නිකමනයකට එළඹී නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ආධාර සහිතව සිදු කෙරෙන පරීක්ෂණයක් මගින් එම වෛරසය වාතය මගින් පැතිර හැකි බවට කිසියම් කථිකාවක් පසුගිය ඔක්තෝබරයේ සිට ලොව පුරා සාක්ච්චා වෙමින් පවතින අතර, හිටි හැටියේම එය අද ඊයේ කරලියට පැමිණි අදහසක් ලෙස විශාල ප්‍රචාරයකට ලක් කරමින් තිබෙන්නේ, පසුගිය මාර්තු මාසයේ සිට PCR පරීක්ෂණ නොකරමින් අත්තනෝමතිකව ගණු ලැබූ තීරණවල වරද සඟවා ගන්න්නට විය හැකිය.

කොරෝනා වාතයෙන් පැතිරීමේ අවධානමක් සහිත රෝගයක් විය හැකි බැවින් ඊට පූර්ව වශයෙන් සූදානම් වීම වැදගත් බව අපද පිළි ගන්නා අතර, ඒ සදහා සූදානම් විය යුතු තත්වයන් පිළිබඳව වාර්ථාවක් අප පසුගිය ඔක්තෝබරයේ ලබා දුන් වාර්ථා කිසිදු අවධානයකට ලක් නොකරමින්, හිටි හැටියේ “එයර් බෝන් වසංගතයක්” කරලියට ගැනීමෙන් අප වරදා ගත් තැන නිවැරදි කිරීමට නොහැකි වන බැවින්, වසංගත පාළණයේ ඉදිරිය සදහා එය බරපතල බාධාවකි.

නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට අලුතින් ඇතුලු වූ කථාවද එවැනිම ප්‍රලාපයක් වන අතර, ප්‍රභේද හදුණා ගැනීමට අවශ්‍ය උපකරණ ඉල්ලන විටදී එය මග හරිමින් සිට් සෞඛ්‍ය බලධාරීන්, නොකල පරීක්ෂණ වල ප්‍රතිඵල කියන්නට හදිසිවී තිබේ. ශ්‍රී ලංකාව තුල ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කල හැකි එකක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති අතර අවම තරමින් ප්‍රභේද අනුමාන කල හැකි PCR කට්ටල පවා භාවිතයට ගැනීමට PCR ප්‍රතික්‍රීයක මාෆියාකරුවන්ගෙන ඉඩ ලැබී නැත. PCR පරීක්ෂණ අවම කිරීම හේතුවෙන්, ප්‍රභේද හදුනා ගැනීමට පරමාණවත් තරම් නිදර්ශක ප්‍රමාණයක් නොලැබීම හේතුවෙන් ප්‍රභේද පිළිබඳ ඔවුන්ද මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදු කර නොමැත.

හමු වන රෝගීන්ගේ රෝග ලක්ෂණ “එංගලන්ත ප්‍රභේධයට” සමානකම් පවතින නමුත් එය ශ්‍රී ලංකාව තුල පවතින බව අවථා කිහිපයකදීම තහවුරු කර ඇති බැවින්, එය රට තුලට හිටි හැටියේ අළුතින් ඇතුලුවීමක් ලෙස සැලකිය නොහැක.

එනයින් විධිමත් පරීක්ෂාවකින් තොරව, රටට නව ප්‍රභේධයක් ඇතුළු වී ඇති බව හා එය වාතයෙන් බෝවන් බව ප්‍රචාරය කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇත්තේ, මාර්තු සහ අප්‍රේල් මාසයන්හිදී PCR පරීක්ෂණ අඩාල කල නිලධාරීන්ගේ වැරදි වසා ගැනීමටය.

〽️රකුස්

Post Views: 11
Previous Post

කොරෝනා නිසා රාජ්‍ය ඇමැති අනුරාධ සියළු උත්සව, රැස්වීම් අවලංගු කරයි

Next Post

රටේ ස්වෛරීභාවය අහිමි කරන පෝට් සිටි පනත ගෙනවිත් ඇති බව ජවිපේ ටිල්වින් කියයි

editor

editor

Next Post

රටේ ස්වෛරීභාවය අහිමි කරන පෝට් සිටි පනත ගෙනවිත් ඇති බව ජවිපේ ටිල්වින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved