වයඹ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට ලද තොරතුරු මත පසුගිය 14 වන දින සිදුකළ වැටලීම්වලදී අලව්ව, මහරච්චිමුල්ල, වෑත්තෑව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව උණ්ඩ, වනඅලි දතක්, ඕළු මුවෙකුගේ අං කොටසක්, මදු සහ වල් ඌරු මස් සමඟ සැකකරුවෙක් මෙන්ම තවත් පුද්ගලයෙක් කොටි දතක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව, කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේදී අලි කෙඳි සහ වාලම්පුරි වැනි දෑ භාවිතා කර ආභරණ සැකසීමේ සහ අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ස්ථාන 4ක් වටලා සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ සැකකරුවන් සහ නඩු භාණ්ඩ පොල්ගහවෙල සහ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.













