සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, කුරුවිට ප්‍රදේශයේ පරිසර හිතකාමී සහන සත්කාර (Eco-Friendly Palliative Care) මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනම (Shanthi Foundation Australia – SFA) අතර අවබෝධතා ගිවිසුමකට අද (අගෝස්තු 07) අත්සන් තැබිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශාන්ති පදනමේ නිර්මාතෘ හා සභාපති විශේෂඥ වෛද්‍ය සුහර්ෂ රුවන් කනතිගොඩ යන මහත්වරුන් විසින් අමාත්‍යාංශයේදී මෙම ගිවිසුමට අත්සන් තබන ලද අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ වෛද්‍ය කපිල කන්නංගර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.
### ව්‍යාපෘතියේ විශේෂාංග සහ අරමුණු
අවශ්‍ය සියලු උපකරණද සහිතව රුපියල් මිලියන 300 ක පමණ ආයෝජනයකින් මෙම මධ්‍යස්ථානය ඉදිකෙරේ. දැඩි ලෙස රෝගාතුර වූ, සුව කළ නොහැකි තත්ත්වයේ පසුවන සහ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදයේ පසුවන රෝගීන් සඳහා ශාරීරික, මානසික, සාමාජීය සහ අධ්‍යාත්මික සහනය නොමිලේ සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි. සනීපාරක්ෂක පහසුකම් සහිත කාමර 20 කින්, සහන සත්කාර පුහුණු මධ්‍යස්ථානයකින් සහ පර්යේෂණ මධ්‍යස්ථානයකින් මෙය සමන්විත වේ.
වසර දෙකහමාරක් වැනි කාලයකින් පසු මෙරට සෞඛ්‍ය පද්ධතියටම මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා ලබාදීමට නියමිත අතර, ඕස්ට්‍රේලියාවේ සිට අඛණ්ඩ ක්‍රමවේදයක් (Ongoing Method) යටතේ මෙහි කටයුතු නිරීක්ෂණය කිරීමට ද සැලසුම් කර ඇත. ගිවිසුම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් අවශ්‍ය අනුමැති, ඉඩම්, මානව සම්පත් සහ රාජ්‍ය සහාය ලබාදෙන අතර, ශාන්ති පදනම විසින් මූල්‍ය, තාක්ෂණික සහ ද්‍රව්‍යමය දායකත්වය ලබාදීමට නියමිතය.














