27 April 2024
#ක්‍රීඩා

කුසල් මෙන්ඩිස් පිට පිට සිව් වරක් ලකුණු බිංදුවම ලබා ගනි

ශ්‍රී ලංකා එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී අද (14) ආරම්භ විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ආරම්භක පිතිකරු යුගලය වූ ලහිරු තිරිමාන්න හා කුසල් ජනිත් පෙරේරා පිළිවෙළින් ලකුණු හතරකට හා විස්සකට ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා.

කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පසුබෑමට ලක් වුණා.

පන්දු යැවීමේදී ස්ටුවඩ් බෝඩ් ලකුණු 14 කට කඩුලු දෙකක් සහ ඩොට් වේස් එක් කඩුල්ලක් බැගින් බිද හෙලුවා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *