අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (අප්‍රේල් 16) කුට්ටිගල සහ මහව ප්‍රදේශවල වැව් දෙකක දිය නෑමට ගොස් දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි.
කුට්ටිගල පොලිස් වසමට අයත් කච්චිගල වැවේ දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. මොවුන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක පැමිණ සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. මියගොස් ඇත්තේ රඳාවාන සහ ඉඹුල්ගොඩ ප්‍රදේශවල පදිංචිව සිටි 60 සහ 78 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.මහව පොලිස් වසමේ උඩුවේරිය වැවේ දිය නෑමට ගිය 17 හැවිරිදි තරුණයෙකු ද දියේ ගිලී මියගොස් ඇත. මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා, මහව ප්‍රදේශයේ පිහිටි සිය ඥාති නිවසකට පැමිණ සිටියදී ඊයේ උදෑසන මෙම අනතුරට ලක්ව තිබේ.අලුත් අවුරුදු නිවාඩු සමයේ ජලාශ සහ වැව් ආශ්‍රිතව දිය නෑමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. කුට්ටිගල සහ මහව පොලිස් ස්ථාන මඟින් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














