වැඩිවන මගී ඉල්ලුම සලකා බලමින් කුවේට් රාජ්යයේ ජාතික ගුවන්සේවය වන කුවේට් එයාර්වේස් සිය නවීනතම Airbus A330-900neo පුළුල් බඳ සහිත ගුවන්යානය කුවේට් – කොළඹ ගුවන් ගමන් සඳහා එක් කර තිබේ.
අද (12) අලුයම අදාළ ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම නව ගුවන්යානය යෙදවීම මගින් ශ්රී ලංකාව සහ කුවේටය අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වන අතර, මගී ධාරිතාව මෙන්ම භාණ්ඩ ප්රවාහන හැකියාවන්ද ඉහළ නැංවෙන බව වාර්තා වේ.
















