කුවේට් රාජ්‍යයේ ක්‍රියාත්මක කළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනාට අමතරව කුවේට් ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දීය ජාතිකයෙකු සහ තවත් විදේශිකයින් දෙදෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සැකකරුවන් සතුව තිබී හෂීෂ්, හෙරොයින් සහ මත්පෙති ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. මීට අමතරව, මත්ද්‍රව්‍ය මැනුම් උපකරණ සහ ඇසුරුම් කිරීම සඳහා භාවිත කරන ලද උපකරණ ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුවේට් රාජ්‍යයේ අපරාධ ආරක්ෂක අංශය වෙත භාර දී තිබේ.
















