ආරක්ෂිත හේතූන් මත කුවේට් රාජ්‍යය සිය ගුවන් කලාපය හරහා ගමන් කරනු ලබන වෙනත් රටවලට අයත් සියලුම ගුවන් ගමන් (Overflights) සඳහා අවසර දීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
කුවේට් සිවිල් ගුවන් සේවා බලධාරීන් නිවේදනය කර සිටින්නේ පවතින හදිසි වටපිටාව සැලකිල්ලට ගනිමින් පනවන ලද මෙම ගුවන් කලාප සීමා කිරීම් ඉදිරි මැයි මස 23 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. මෙම හදිසි ආරක්ෂණ තීරණයත් සමඟ කුවේට් ගුවන් කලාපය (Kuwaiti Airspace) භාවිත කරමින් වෙනත් ගමනාන්ත වෙත පියාසර කිරීමට මීට පෙර විදේශීය ගුවන් සමාගම් වෙත ලබා දී තිබූ සියලුම පියාසර අනුමැතීන් සහ නිල බලපත්‍ර වහාම අවලංගු කිරීමට ද එරට රජය කටයුතු කර ඇත. කලාපීය ආරක්ෂක තත්ත්වයන් මීට බලපා ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.














