27 July 2024
#ව්‍යාපාර

පොහොර නොමැතිකමින් තේවතු හිමියන් දැඩි අපහසුතාවයකට පත් වෙයි

රට තුළ පවතින වාතාවරණය හමුවේ මාතලේ දිසාවේ තේ සදහා යොදන පොහොර වර්ග නොමැතිකමින් තේවතු හිමියන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මාතලේ දිස්ත්‍රික් කුඩා තේවතු හිමියන්ගේ සංගමයේ කැදවුම්කරු ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

ඒ මහතා අද (14) මාධ්‍ය වෙත අදහස් දක්මින් කියා සිටියේ මාතලේ රත්තොට උකුවෙල අඹන්ගගකොරළය ආදි ප්‍රදේශවල කුඩා තේවතු හිමියන් 1500කට වැඩි පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.

යුරියා,ටි එස්පි.එම්ඕපි වැනි පොහොර වර්ග නොමැතිකමින් මෙසේ තේවතු හිමියන් අපහසුතාවයට පත්ව සිටින බවද ජයතිස්ස මහතා පැවසිය.

ඊට අමතරව පවතින තත්වයන් හමුවේ කම්කරුවන් නොපැමිණිම/තේ දළු කම්හල්වල සේවකයින් නොමැති විම නිසා තේ දළු මිලදි නොගැනිම ඇතුලු කරුණු ගණනාවක් නිසා අපහසුතාවයට පත්ව සිටින බවද ඒ මහතා පැවසිය.

මිට අමතරව මාතලේ ප්‍රදේශයට පවතින අධික අව් රශ්මිය නිසා ඇතැම් තේ වතු වල තේ දලු වියළිමට පටන්ගෙන ඇති අතර මේ නිසාද අස්වැන්න අඩුවි ඇති බවද ඒ මහතා පැවසිය.

මේ නිසා වතු හිමියන් මෙන්ම කම්කරුවන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් ඔවුන්ද ආදයම් නොලැබිම නිසා දැඩි ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින බවද ඔවුහු කියයි.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *