27 April 2024
#දේශීය

මංගල CID යට යයි. ..  

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වන විට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ තිබේ.

මංගල සමරවීර මහතාගේ සමීපතම ආරංචි මාර්ග කියා සිටියේ මෙම කැඳවීම සිදු කර ඇත්තේ ඉකුත් මැතිවරණ සමයේදී ඡන්දය ප්‍රකාශය කිරීම්ට අදාළව පුද්ගලයින් ප්‍රවාහන කිරීම සඳහා පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝවට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බවයි.

කෙසේ වෙතත් වෙනත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මංගල සමරවීර හිටපු ඇමතිවරයාගෙන් අද දිනයේ දී කට උත්තර ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *