සිම්බාබ්වේහි කරිබා ජලාශයේදී (Lake Kariba) මගීන් 90 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 5 දෙනෙකු රැගත් බෝට්ටුවක් අනතුරට ලක්ව ජලාශයේ ගිලී ගොස් ඇති බව එරට ජාතික පොලීසිය පවසයි.
X සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ අනතුරට පත් පිරිස බේරා ගැනීම සඳහා මේ වන විටත් දැවැන්ත සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත්, අනතුරට නිශ්චිත හේතුව හෝ මගීන්ගේ තත්ත්වය පිළිබඳව පොලීසිය මෙතෙක් වැඩිදුර තොරතුරු හෙළි කර නැත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














