සිම්බාබ්වේ හි කරිබා ජලාශයේ (Lake Kariba) පසුගිය සතියේ සිදු වූ මගී ප්‍රවාහන බෝට්ටු අනතුරින් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබේ. ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, කිමිදුම්කරුවන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් තවත් මළ සිරුරු 22ක් සොයා ගැනීමත් සමඟ මෙම මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
මෙම බෝට්ටුව සඳහා අවසර දී තිබී ඇත්තේ මගීන් 90 දෙනෙකු රැගෙන යාමට වුවද, අනතුර සිදු වන අවස්ථාවේදී වැඩිහිටියන් 114 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු සහ ළමයින් රැසක් එහි ගමන් කර ඇති බව නිලධාරීහු පවසති. සිම්බාබ්වේ සහ සැම්බියා දේශසීමාව ආසන්නයේ පිහිටි මෙම ජලාශයේ සිදු වූ දරුණුතම ඛේදවාචකය ලෙස මෙය සැලකේ.














