කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා අද (ජූනි 15) ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අමාත්‍යවරයා එහිදී නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, අනතුරුව ආයතනයේ ඉදිරි වැඩකටයුතු සහ කාර්යභාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවකටද එක් විය.මෙම චාරිකාවේදී ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා විසින් ආයතනයේ ක්‍රියාකාරකම් පිළිබඳව අමාත්‍යවරයා වෙත පැහැදිලි කිරීමක් සිදු කළේය. පොහොර ආශ්‍රිත බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම, ආනයන අනුමැතිය සහ රේගු නිෂ්කාශන අවසරය ලබාදීම, ප්‍රමිති විශ්ලේෂණය, පොහොර අවශ්‍යතා ගණනය කිරීම සහ බෙදාහැරීම් දත්ත විශ්ලේෂණය ඇතුළු ප්‍රධාන සේවා රැසක් මෙම කාර්යාලය මගින් ඉටු කෙරේ.
අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මේ වන විට පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම් ඇතුළු සේවා මාර්ගගත (Online) ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රමවත් කිරීම අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.
එමෙන්ම, කොම්පෝස්ට් කැට පොහොර හඳුන්වාදීම, ජෛව පොහොර ප්‍රවර්ධනය, දෙමුහුම් පොහොර නිෂ්පාදනය මෙන්ම තුන්වන සහ හතරවන පරම්පරාවේ පොහොර හඳුන්වා දීම වැනි ක්ෂේත්‍රවල ජාතික පොහොර ලේකම් කාර්යාලය අත්කරගෙන ඇති සාර්ථකත්වයද මෙහිදී අවධාරණය කෙරිණි.
















