අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් මන්ත්‍රීවරුන් හමුවීමට ජනතාව පැමිණීමේ පැරණි දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන ගමන් මඟ සම්බන්ධයෙන් කරන ලද මෙම ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
ජනතාව මන්ත්‍රීවරුන් පසුපස යාම සහ දේශපාලනඥයන්ගෙන් පුද්ගලික මට්ටමේ සේවය හෝ උදව් ලබා ගැනීමට පැමිණීම අවසන් කළ යුතු බවත්, ආණ්ඩුවක් ලෙස රට ගෙන යා යුතු නිවැරදි ඉලක්කය සහ ගමන් මඟ පිළිබඳව තමන්ට පැහැදිලි අවබෝධයක් ඇති බවත් මෙමඟින් එතුමා අවධාරණය කර ඇත.
















