27 April 2024
#දේශීය

කිලිනොච්චියේ රජයේ ඉඩම් වල පදිංචි වී සිටින අයට ඉඩම් බලපත්‍ර ලබා දෙනවා – ඇමැති ඩග්ලස්

රජයේ ඉඩම් වල පදිංචි වී සිටින අයට එම ඉඩම් බලපත්‍ර හැක් ඉක්මණින් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කිළිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සභාපතිවරයා, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 24 වනදා කිළිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කටයුතු රැස්වීමට සහභාගි වෙමිනි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ විශේෂයෙන් කෘෂීකර්ම හා වී වගා කටයුතු වල යොදවන ඉඩම් වලට ලිහිල් ප්‍රතිපත්ති හරහා කෘෂිකර්මික නිෂ්පාදන වලට හානි නොවන ආකාරයෙන් මෙම බලපත්ත්‍ර නිකුත් කිරිම කළයුතු බවයි.

කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය කරච්චි හා අක්කරායන් ලෙස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ලෙස දෙකකට බෙදීමටත් දිස්ත්‍රික්ක තුල අධ්‍යාපන කලාප දෙකක් පිහිටු වීමටත්, කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභා ලෙස පත් කිරීමටත්, කන්ඩාවලෙයි සහ කරච්චි ප්‍රාදේශිය ලේකම් කාර්යයාල වල වෙනම ප්‍රාදේශිය කාර්යාලය ලෙස වෙන්කිරීමටත් ක්ෂණිකව එය ක්‍රියාවට නැන්විමටත් එතුළින් පරිපාලන යාන්ත්‍රණයේ ක්ෂණික වෙනසක් ඇති කිරීමට මෙහිදි එකගතාවයකට එළැඹ තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *