ජේසුතුමන් හා මරියතුමිය තුළ දයාවේ නිකායේ ශ්‍රී ලංකාවේ නව ප්‍රදේශාධිපතිනිය ලෙස පත් වූ ලංකා ප්‍රනාන්දු පැවිදි සොහොයුරිය පිළිගැනීමේ දිව්‍ය පූජාව කෑගල්ල ශාන්ත මරියා දෙව්මැඳුරේදී ඉකුත් ඉරු දින ඉතා භක්තිමත් අයුරින් පැවැත්විණි. කෑගල්ල මීසම් සේවක අයාල් ඉන්දික ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දිව්‍ය පූජාව සඳහා සහයක පියතුමන්ලා සහ කෑගල්ල මීසම් කිතුනු ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.
කෑගල්ල ශාන්ත ජෝසප් කන්‍යාරාමයේ සේවය කරමින් ලංකා ප්‍රනාන්දු පැවිදි සොහොයුරිය ඉටු කළ අමිල දේව සේවය අගයමින්, කෑගල්ල මීසම් සේවක අයාල් ඉන්දික ප්‍රනාන්දු පියතුමා ඇතුළු පිරිස එතුමිය වෙත සිය ගෞරවය සහ ස්තූතිය පුද කළහ. මෙහිදී මීසමේ සුහදතාව සහ ප්‍රණාමය සංකේතවත් කරමින් එතුමිය වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.














