ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 6 වැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) ජූනි 1 වැනිදා ප.ව. 1.30ට කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙම කෙටුම්පත සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 421 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, ඉන් දේශීය ක්‍රීඩකයින් 179ක් සහ විදේශීය ක්‍රීඩකයින් 242ක් දෙනෙකු අයත් වේ.
ක්‍රීඩකයින් ප්ලැටිනම්, ගෝල්ඩ්, ක්ලැසික්, නැගීඑන සහ ඇසෝසියේට් ස්ටාර්ස් ලෙස කාණ්ඩගත කර ඇති අතර, ඒ අනුව දේශීය ක්‍රීඩකයින් ප්ලැටිනම් කාණ්ඩයට 17ක්, ගෝල්ඩ් කාණ්ඩයට 34ක්, ක්ලැසික් කාණ්ඩයට 80ක් හා නැගීඑන කාණ්ඩයට 48ක් ලෙස නම් කර ඇත. විදේශීය ක්‍රීඩකයින්ගෙන් 31ක් ප්ලැටිනම් කාණ්ඩයටත්, 64ක් ගෝල්ඩ් කාණ්ඩයටත්, 99ක් ක්ලැසික් කාණ්ඩයටත් සහ 48ක් ඇසෝසියේට් ස්ටාර්ස් කාණ්ඩයටත් අයත් වේ.
මෙවර තරගාවලිය ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයින්, ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් සහභාගී වීමට නියමිතය. ලොව පුරා රටවල් 21කින් ක්‍රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබුණද, ඉන් වඩාත් සුදුසු ක්‍රීඩකයින් 421 දෙනා මෙලෙස කෙටුම්පත සඳහා තෝරාගෙන ඇත.
















