නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කරමින් රජයට රුපියල් එක් කෝටි හතළිස් තුන් ලක්ෂයකට (රු. 14,300,000) ආසන්න මුදලක පාඩුවක් සිදුකිරීමේ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා අද (19) ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න මහතාව අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.හම්බන්තොට ලුණු සමාගම වෙත “ලක් ලුණු” ඇසුරුම් ලබාගැනීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව, ව්‍යාජ ප්‍රති ඇණවුමක් (Re-order process) හරහා එය සිදුකර සැපයුම්කරුවෙකුට අයුතු වාසියක් ලබා දීම සහ එමගින් රජයට රුපියල් මිලියන 14.3ක පමණ පාඩුවක් සිදුකිරීම මොහුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාවයි. සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද පියවර ගත්තේය.
















