පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 11ක මිල ගණන් ජූලි 24 සිට ක්‍රියාත්මක වන පරිදි පහත හෙළීමට තීරණය කර ඇත. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම මිල සංශෝධනය සිදු කර ඇති අතර, මෙහිදී වැඩිම මිල අඩු කිරීමක් ලෙස රතුළුණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 71කින් පහත දමා තිබේ. මීට අමතරව පරිප්පු, සහල්, සීනි සහ ටින් මාළු ඇතුළු දෛනික පරිභෝජනයට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් මෙලෙස අඩු කර ඇති බව ලංකා සතොස ආයතනය නිවේදනය කරයි.
















