ජපානයේ පිහිටි ප්‍රථම ථේරවාද විහාරස්ථානය වන ලංකාජී විහාරයේ 42 වැනි වරටත් සංවිධානය කළ පොසොන් පොහොය ආගමික වැඩසටහන ඊයේ දින සාර්ථකව පවත්වා තිබේ. ජපානයේ ප්‍රධාන සංඝනායක, ලංකාජී හා ඉන්දියාවේ සාංචි විහාරාධිපති මෙන්ම ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් මෙම පින්කම් මාලාව පැවැත්වුණි.
මෙවර ආගමික වැඩසටහනට සමගාමීව සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක්, දන්සැල් සහ මනරම් පෙරහර අංග රැසක් ද ඇතුළත් කර තිබූ බව වාර්තා වේ. මෙම විශේෂ පුණ්‍ය මහෝත්සවය සඳහා ජපන් සහ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා මෙන්ම, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ ජපන් ජාතිකයින් විශාල පිරිසක් ඉතා භක්තිමත් ලෙස සහභාගී වී සිටියහ.
















