ශ්‍රී ලංකා AI සතියට සමගාමීව පැවති 2026 ජාතික කෘතිම බුද්ධි සම්මාන උළෙලේදී, දේපල වෙළඳපල අලෙවිකරණය සඳහා හඳුන්වා දුන් නව්‍ය කෘතිම බුද්ධි විසඳුමක් වන LankaPropertyWeb හි ‘AMPLIFIER’ මෙවලම මාධ්‍ය කාණ්ඩයේ හොඳම AI විසඳුම සඳහා වන රිදී සම්මානයෙන් පිදුම් ලැබීම ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්රයේ සුවිශේෂී ල්කණුවක් ලෙස සටහන්ව තිබේ. දේපල ලැයිස්තුගත කිරීම් ස්වයංක්‍රීයව වීඩියෝ, සිරස්තල සහ හැෂ් ටැග් ඇතුළු සමාජ මාධ්‍ය අන්තර්ගතයන් බවට පරිවර්තනය කරමින් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් වැනි වේදිකා හරහා ප්‍රවර්ධනය කිරීමට සහාය වන මෙම වේදිකාව, දේපල හිමියන්ට සහ නියෝජිතයන්ට තම කාර්යයන් වඩාත් විධිමත් කර ගැනීමට කඩිනම් මඟක් සලසා දී ඇත.
මෙම තාක්ෂණික මෙවලම තුළ පරිගණක දැක්ම, උසස් භාෂා ආකෘති මෙන්ම සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන ත්‍රිභාෂාවෙන්ම විමසීම් සඳහා ස්වයංක්‍රීයව පිළිතුරු සපයන ක්‍රමවේදයක් අන්තර්ගත වීම මඟින් දේශීය හා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමේදී මතුවන භාෂා හා කාල නාස්තිකාරී බාධක සාර්ථකව ජයගෙන තිබේ. දැනටමත් මාසිකව දැන්වීම්කරුවන් විශාල සංඛ්‍යාවක් ස්වයංක්‍රීයකරණයේ පහසුව අත්විඳිමින් සිටින මෙම වේදිකාව, අලෙවිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ පුනරාවර්තන කාර්යයන් සඳහා ගතවන කාලය අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය මඟින් ලබා දී ඇති ප්‍රායෝගික විසඳුමක් ලෙස අලෙවිකරණ අංශයේ ඉමහත් පැසසුමට ලක්ව ඇත.
ශ්‍රී ලංකාවේ දේපල වෙළඳපල තුළ ඩිජිටල්කරණය සහ කෘතිම බුද්ධි තාක්ෂණය එකිනෙක බද්ධ කිරීමේ ප්‍රවණතාව වේගවත් කරමින් ලැබී ඇති මෙම ජාතික මට්ටමේ පිළිගැනීම, ඉදිරි කාලය තුළ මෙරට අනෙකුත් ව්‍යාපාරික හා සේවා අංශ වෙත ද මෙවැනි නවෝත්පාදන හඳුන්වා දීමට පුළුල් දොරටුවක් විවර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට සහ ව්‍යාපාරික කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට මෙමඟින් ලැබෙන පිටුබලය ඉදිරි ඩිජිටල් ආර්ථික සංවර්ධනයට දැඩි රුකුලක් වනු නොඅනුමානය.














