• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශ්ව විද්‍යාල ප්‍රවේශලාභී සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක

9 February 2021
in දේශීය

විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සමස්ත අධ්‍යාපන ක්‍රමය වර්තමාන අවශ්‍යතා අනුව ඩිජිටල්කරණය පිණිස “සෞභාග්‍යයේ දැක්මේ” අපේක්ෂාව පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහජන බැංකුවේ අනුග්‍රහයෙන් වැඩසටහන සැලසුම් කර තිබේ. මහජන බැංකුව ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03කි.

අන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 04ක වගකීමක් සහිතව ලැප් ටොප් පරිගණක පිරිනැමේ. පරිගණකයක වටිනාකම රුපියල් 80,000කි.

රැකියාවක් ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර 06කින් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි ණය පිරිනැමේ. ශිෂ්‍ය කාලය තුළ මසකට ගෙවිය යුතු මුදල රුපියල් 500කි.

2021 වසර සඳහා විශ්ව විද්‍යාලයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 06 දෙනෙකුට වැඩසටහන සංකේතවත් කරමින් ලිපි භාරදීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 27
Previous Post

නායකයින් තීන්දු ගන්නකොට සුළුපිරිස් බාධා කරනවා – රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

Next Post

ස්ටැෆර්ඩ් මෝටර්ස් සහ ප්‍රෝරයිඩ් එක්ව ‘ProRide Safety Riding Academy’ දියත් කරයි

editor

editor

Next Post

ස්ටැෆර්ඩ් මෝටර්ස් සහ ප්‍රෝරයිඩ් එක්ව ‘ProRide Safety Riding Academy’ දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved