• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්

8 September 2021
in විශේෂාංග

යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහාරජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට මායිම්ව පිහිටි කොලොන්න ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසය තුල පිහිටා ඇති බොහෝ ඉඩම් ප්‍රමාණයක් අයිති වන්නේ ඉඩම් අමාත්‍යංශයට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC) යටතටයි.

මෙම ඉඩම් අතුරින් බොහෝ ඒවා වනාන්තර හෝ ජල පෝෂක ඉඩම් ලෙස පවතින ඉඩම් කැබලි වන අතර එම ඉඩම් කැබලි සිංහාරය වනාන්තරයට පවරා ගැනීමට කටයුතු සිදුවෙමින් පවතී. එලෙස පවතින ඉඩම් කැබලි වර්තමානය වන විටදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC) විසින්ම මංකොල්ල කමින් පවතී.

මීට වසර 50 කට ආසන්න කාලයකට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් (LRC), පිහිටුවන ලද්දේ එවකට පවුල් 6000කට අයිතිව තිබු, ඉඩම් අක්කර ලක්ෂ 15කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් පවරාගෙන රජය යටතට පත්කිරීම සඳහාය.එවකට එසේ පිහිට වූ එම ආයතනය වර්තමානය වන විට අමාත්‍යවරුන් හට,දූෂිත නිලධාරීන් හට මුදල් උපයා ගැනීම සඳහා ක්‍රියාත්මක වන කොමිෂන් සභාවක් බවට පත්ව ඇත.

LRC විසින් ඉඩම් පවරාගත් පාර්ශ්වයන්ට හිලව් ඉඩම් ලබාදීම පවා සම්පුර්ණ කරනොමැති පසුබිමක, ඉඩම් නොමැති දුප්පත් මිනිසුන්ගේ ඉඩම් අවශ්‍යතාව සඳහා ඉඩම් වෙන්කර නොමැති පසුබිමක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට හිතෙන හිතෙන ආකාරයට දේශපාලන, ව්‍යපාරික, පෞද්ගලික ආදී විවිධ පාර්ෂවයන් හට ලාභ හෝ දේශපාලන අවශ්‍යතා මත අක්‍රමවත් අයුරින් ඉඩම් බැහැරකිරීම මහා අපරාධයකි.

යම් යම් පාර්ශව විසින් මෙසේ ලබාගන්නා ඉඩම් වනසා මුදල් උපයා ගැනීමත්, එසේ නොමැතිනම් වෙනත් පාර්ෂව වලට අධික ලාබහයකට නැවත බදුදීමත් මෙන්ම මෙවැනි ඉඩම්වල පස්කැපීම, කළුගල් කැඩීම මෙන්ම වෙනත් ඛනිජ කැනීම්ද, LRC න් ලබාදිය යුතු ඉඩම් වෙනුවට ජනතා වතුසංවර්ධන මණ්ඩලය (JEDB) වටිනා ඉඩම් ලබාදීමට/විකිණීමට උත්සාහ කිරීම, යම් යම් ප්‍රදේශවල LRC ඉඩම් එහි නිලධාරීන් විසින් කූඨ ලෙස විකිණීම ඇතුළු වංචා දුෂණ අක්‍රමිකතා මෙම ආයතනයෙන් විශාල ලෙස වාර්තාවේ. මේවාට වගකිවයුතු වන්නේ ඉඩම් අමාත්‍යතුමා ඇතුළු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ දූෂිත නිලධාරීන්වේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව LRC , ජනාධිපති කාර්යාලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ආයතන විශාල ප්‍රමාණයකට අප විසින් මෙම ඉඩම් අවභාවිතාවන් සහ කොල්ලයන් සම්බන්ධව පැමිණිලි මේ වන විටත් ඉදිරිපත් කර අති අතර ඒ අනුව පළමු ඉඩම් කොල්ලය වනුයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උල්ලිදුවාව ග්‍රාමසේවා වසමේ ඇඹිලිපිටිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා කාර්යාලයට අයත් ප්‍රදේශයේ (අධ්‍යක්ෂ රංජන් වීරසිංහ සහ ක්ෂෙත්‍ර නිලධාරී සමන්ත) යන අය විසින් අයුතු ලෙස ඉඩම් අල්ලාගැනීමට යම් යම් පාර්ශ්වයන්ට අවසර ලබාදීමයි. ගම්මුන් අප වෙත ලබාදුන් ප්‍රකාශ අනුව මෙලෙස ඉඩම් ලබාදීමේදී සන්තෝෂම් ලෙස දශ ලක්ෂ ගණනක් (ඔවුන්ට අනුව ලක්ෂ 60 ත් – 70ත් අතර මුදලක් මුදලක්) ලබාගෙන ඇති බව පවසයි.

සිංහරාජ රක්ෂිතයට පෙනෙන මායිම පිහිටි මෙම ප්‍රදේශය ගින් ගඟෙහි පෝෂක කලාපයක් වන අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාදී වනාන්තර ලෙස පවත්වාගෙන යාම විනා වෙනත් කටයුත්තක් සිදුකළ හැකි භූමියක් නොවන්නේ මෙම බෑවුම නාය යාමේ අධි අවධානම් කලාපයක් ලෙස නම් කර අවදානම් නිවේදන පවා නිකුත් කර ඇති නිසාය.

එසේම, අප විසින් කළ සොයාබැලීමේදී ඇඹිලිපිටිය ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලයෙන් දැනගැනීමට ලැබුනේ ප්‍රධාන කාර්යාලයෙන් එවන ලද ලැයිස්තුවකට අනුව ඉඩම් ලබාදෙන්නේට කටයුතු කළ බවත්, එය මේ වන විට අක්කර 100 ක පමණ ප්‍රමාණයක් බවත්, තමන් මේ සම්බන්ධව තීරණ නොගත් බවත්ය. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වනවිටත් එක් එක් අය විසින් තමාගේ යයි සලකුණු කර ඇති ප්‍රදේශය අක්කර සිය ගණනක් බවයි. එසේනම්, මෙසේ ඉඩම් අවභාවිතාකර කොල්ලකෑමට හැරීමෙන් මුදල් ගරන්නෝ කවරහුද? ඉඩම් ලබාදීමට අනුගමනය කළ ක්‍රමවේද මොනවාද? ලැයිස්තු සැකසුවේ කවුරුන්ද? එසේම ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරිකයින්ට ඉඩම් ලබාදුන්නේ කෙසේද? යන්න විශාල ගැටළුවකි.

LRC සතුව සිංහරාජය වටා සහ අවශේෂ කලාප වන මෙම ප්‍රදේශයේ වනාන්තර සහ අධි සංවේදී ඉඩම් විශාල ප්‍රමාණයක් ඇත. මෙම ඉඩම් ආශ්‍රිතව පසුගිය දිනක “ඉත්තෑකන්දේ” හිමිද LRC ඉඩමක් අලාගන්නනට කරක් ගසන ලද අතර එය ඉතා හොඳින් වැඩුණු ඝන වනාන්තර කොටසකින්ද යුතු ඉඩමක් වූ අතර ගම්මුන්ගේ විරෝධය හමුවේ LRC ය හැරීගිය නමුත් එක් එක් අයගේ අවශ්‍යතාවන්ට LRC ඉඩම් වැනසීම සහ LRC වනාන්තර ඉඩම් වැනසීම දිගින් දිගටම සිදුවෙමින් පවතී.

සිංහාරජ රක්ෂිත වනාන්තරයට පවාරා ගැනීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC) සතු වනාන්තර ප්‍රදේශ එම කොමිශන් සභාවේ නිලධාරීන් විසින්ම අවිධිමත් ලෙස භාහිර පිරිස් වෙත ලබා දීම සහ අනවරෙන් ඉඩම් අල්ලා ගන්නා පුද්ගලයන් හට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම බරපතල ගැටළුවක් වේ. සිංහාරජ රක්ෂිත වනාන්තරයේ පේරණ කලාප භූමිය මෙලෙස වීනාශ කිරීම ලෝක උරුම වනාන්තරයකට කිසිසේත් උචිත ක්‍රියාවක් නොවන අතර අදාල නිලධාරීන් මේ පිලීබඳව සොයා බලා මෙම විනාශ සිදූවෙමින් පවතින ප්‍රදේශය සංරක්ෂණය කිරීම සඳහා කඩිනම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

 

 

පිටපත – වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය කැඳවුම්කරු ජයන්ත විජේසිංහ

 

 

 

Post Views: 11
Previous Post

තල් ආශ්‍රිත නිෂ්පාදනයන් බෙදාහැරීමට ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනියට නියෝජිතයන් පත් කෙරේ

Next Post

පාප් වහන්සේ හමුවීමට අගමැතිට අවසර හිමිව නෑ – විදේශ අමාත්‍යංශය

editor

editor

Next Post

පාප් වහන්සේ හමුවීමට අගමැතිට අවසර හිමිව නෑ - විදේශ අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved