චීනයේ ෂැංහයි නුවර පැවති ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය – 2026 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසලේ 13 ශ්‍රේණියේ සිසුවෙකු වන ලසිත ජයසිංහ රිදී පදක්කමක් දිනාගෙන තිබේ.
ලෝකයේ රටවල් 117ක තරගකරුවන් 666 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 10 වැනි දින සිට 20 වැනි දින දක්වා මෙම තරගාවලිය පවත්වා ඇති අතර, ඔහු දිවයිනට පැමිණීමෙන් පසු මෙම ජයග්‍රහණය වාර්තා විය. මීට අමතරව, මෙම තරගාවලියට එක් වූ නිහාල් තේජන, ජනිත රජවාසල සහ ප්‍රවීන් අතාවුදආරච්චි යන සිසුන් තිදෙනා ද ගෞරව සම්මාන දිනා ගැනීමට සමත් වී ඇත.
















