රුසියාව ඉලක්ක කරගත් යුක්‍රේන ඩ්‍රෝන යානා ලැට්වියානු ගුවන් සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් හටගත් දේශපාලන අර්බුදය හේතුවෙන් ලැට්වියානු අගමැතිනිය වන එවික් සිලිනා (Evika Silina) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගිය මැයි 7 වනදා ඩ්‍රෝන යානා තුනක් ලැට්වියාවට ඇතුළුවීමත් සමඟ ආරක්ෂක අංශවල දුර්වලතා විවේචනය කරමින් ඇය එරට ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත්තාය. මෙයට විරෝධය පළ කරමින් ආරක්ෂක අමාත්‍යවරයාගේ පක්ෂය සභාග රජයෙන් ඉවත් වීමත් සමඟ රජය බිඳ වැටී ඇති අතර, ලැට්වියානු ජනාධිපති එඩ්ගාර්ස් රින්කෙවික්ස් අද (15) නව රජයක් පිහිටුවීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.














