ලෙබනන් ජනාධිපති ජොසෆ් අවුන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (21) වොෂින්ටන් නුවරදී පැවැත්වීමට නියමිතය. හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීම සඳහා ලෙබනනයට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක මෙම හමුව සිදුවන අතර, දකුණු ලෙබනන ප්‍රදේශවලින් ඉවත් වීමට පෙර හිස්බුල්ලා සංවිධානය නිරායුධ කළ යුතු බව ඊශ්‍රායලය ප්‍රධාන කොන්දේසියක් ලෙස පෙන්වා දී තිබේ.ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සාම සාකච්ඡා අනුග්‍රහය යටතේ දකුණු ලෙබනනයේ ” නියමු කලාප” (pilot zones) පාලනය ලෙබනන් හමුදාවට පවරා දීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කර දිනකට පසු මෙම හමුව සිදුවීම විශේෂත්වයකි. හිස්බුල්ලා සංවිධානය යුද්ධයට මැදිවීම දැඩි ලෙස විවේචනය කර ඇති ජනාධිපති අවුන්, ඊශ්‍රායලය අල්ලාගත් ලෙබනන් භූමියෙන් ඉවත් කිරීමට ට්‍රම්ප්ගේ බලපෑම බලාපොරොත්තු වන නමුත්, හිස්බුල්ලා සංවිධානය නිරායුධ වන තෙක් ඊශ්‍රායලය ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබේ.














