පැරිස් සෙන්-ෂර්මෙන් (PSG) කණ්ඩායම සමඟ අඛණ්ඩ චැම්පියන්ස් ලීග් ජයග්‍රහණ රැසකට දායක වූ දකුණු කොරියානු ක්‍රීඩක ලී කෑං-ඉන් (Lee Kang-In) ස්පාඤ්ඤයේ ඇට්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
2031 ජුනි දක්වා බලපැවැත්වෙන පරිදි ඇට්ලටිකෝ මැඩ්රිඩ් සමඟ ගිවිසුම්ගත වී ඇති 25 හැවිරිදි ලී කෑං-ඉන් වෙනුවෙන් ගෙවා ඇති මුදල යුරෝ මිලියන 35ත් 40ත් අතර අගයක් ගන්නා බව වාර්තා වේ. MLS වෙත ගිය ඇන්ටොයින් ග්‍රීස්මන් හැරයාමෙන් ඇති වූ රික්තය පිරවීම සඳහා ඔහු මෙම නව සමාජය සමඟ එකතු වී තිබේ.














