27 April 2024
#දේශීය

අවස්ථාවාදයෙන් මිදී රට දිනවමු – විපක්ෂ නායක සජිත්

අවස්ථාවාදී තීන්දු තීරණ බැහැර කොට ජාතික අවශ්‍යතාවයට ප්‍රමුඛස්ථානය ලබා දී තින්දු තීරණ ලබා ගන්න කාලයක අප සියලු දෙනාම සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සමගි නීතිඥ සංවිධානයේ සමාරම්භක උත්සවය ඊයේ(20) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ අද දවසේ අවනීතිය, අයුක්තිය, අසාධාරණත්වය රජ වෙලා තියෙන බවත් දුර්වල නායකත්වයක් තුළ මේ රටේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙන බවයි.

උද්ධමනය අහස උසට ගොස් ඇති අතර, රැකියා පෝලිම දිනෙන් දිනට දික් වෙන බවත්  ආර්ථික වර්ධනය වෙනුවට ආර්ථික පසුබෑම සිදුව ඇති බවත් ඒ මහතා පැවසීය.

දූෂිත  ක්‍රියාදාමයන් වැජඹෙන රටක අපිට ජයග්‍රාහි ඉලක්ක කරා යන්න නොහැකි බව කී ඒ මහතා, මේ අන්ධකාරය තුළින් විසඳුමක් කරා යන්න පුළුවන් පිරිසිදු ප්‍රජාත්‍රන්තවාදි ක්‍රමවේදයක් තුළ මිස දූෂිත වංචාකාරයෝ ඔළුගෙඩි මාරුවකින් නොවන බව පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *