27 April 2024
#දේශීය

දේශපාලනිකව හැප්පෙන්නේ නැතිව රට හදන්න එකතු වෙමු – හිටපු ඇමැති දුමින්ද

ආර්ථික වශයෙන් රට වැටිච්ච තැනින් ගොඩ ගත්තාට පසු දේශපාලනය කරමු යැයි හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (24) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ රටේ ජනතාව වෙනුවෙන් මේ දේශපාලන හැප්පීම් නතර කර එකට එක්ව රට ගොඩනැගීමට එක්ව සිටිය යුතු බවයි.

තම පක්ෂය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී පවා සියළු පක්ෂ එකතු කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමේ යෝජනාවක් දියත් කල බවත් මේ වන විට වත්මන් ජනාධිපතිවරයා ඒ සඳහා සියළු දෙනාට කරන ආරාධනාව මෙසේ පිළිගත් බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් තමා ඇතුළු පිරිස පෙනි සිටින්නේ රනිල් , ගෝඨාභය සම ඟ නොවන බවත් එය ජනතාව වෙනුවෙන් බව දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී පැවසිය.

එදා ජනතාව විසින් කල අරගලය ඇතැම් අයට අමතකව වීම කනගාටුවන කරුණක් බව මන්ත්‍රීවරයා අවධාරණය කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *