• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කයිවාරුවෙන් සහ භේදබින්නවලින් තොරව තමන්ට වඩා රට ගැන සිතා අප කටයුතු කරමු – විපක්ෂ නායක සජිත්

1 May 2024
in දේශීය, පුවත්
කයිවාරුවෙන් සහ භේදබින්නවලින් තොරව තමන්ට වඩා රට ගැන සිතා අප කටයුතු කරමු – විපක්ෂ නායක සජිත්

රණසිංහ ප්‍රේමදාස මහතා පවා රටේ බලය ලබා ගත්තේ ත්‍රස්තවාදී යුද්ධ දෙකකට රට මුහුණ දෙන මොහොතක බවත් එවැනි තත්ත්වයක් පැවැතියත් එතුමා කවදාවත් රටේ සංවර්ධනය අඩපණ නොකළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අදට යෙදී තිබූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණඅනුස්මරණය වෙනුවෙන් එතුමාගේ පිළිරුව අභියස පැවැති උත්සවය අමතමිනි.

රණසිංහ ප්‍රේමදාස මහතා කවදාවත් ආර්ථිකය සංකෝචනය නොකළ බවත් අවංකවම සැවොම එකතු කර ගත් ආර්ථීක වර්ධනයක් මෙන්ම සැමදෙනා බෙදා ගත් සෞභාග්‍යයක් හා සමාජ සාධාරණත්වය හා යුක්තිය රජයන යුගයක් අපේක්ෂා කළ බවත් අදත් යුගයේ අවශ්‍යතාව වී ඇත්තේ එය බව හෙතෙම පැවසීය.

මේ ඉලක්ක කරා යාම ලෙහෙසි පහසු ගමණක් නොව දුෂ්කරතා බාධා සහිත ගමනක් බවත් කතාවෙන් එම ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි නිසා මුළු රටටම විසඳුම් සැපයිය යුතු බවත් එම පිළිතුරු ධනාත්මක හරාත්මක ප්‍රතිඵපලදායී විසඳුම් සහ උත්තර විය යුතු බවත් ඒ වෙනුවෙන් යන ගමන දිනවකවානු සහ කාලවකවානු සහිතව යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම අතකින්ම අන්ධකාරයෙන් පිරුණු රටට ආලෝකය ගෙන දෙන්නට ජාති ආගම් කුලමළ ගෝත්‍ර පන්ති තරාතිරම් පක්ෂ භේදයකින් තොරව එකතු විය යුතු බවත් එම එකතුවීම තමන්ගේ තැන, පවුල, ගජමිතුරන් රැකගැනීම වෙනුවෙන් සිදු නොවිය යුතු බවත් එකතු වීම සිදුවිය යුත්තේ දේශපාලන අවස්ථාවාදීත්වය පැත්තකට දමා ජාතික, ජනතාවගේ, රටේ හා යුගයේ අවශ්‍යතාව කේන්ද්‍ර කර ගෙන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පවා පවුලට පෙර රටට පෙර ගැන සිතූ අයකු බවත් කිසිදු අවස්ථාවක පවුලේ සාමාජිකයන්ට, ඥාතීන්ට සහ ගජමිතුරන්ට ප්‍රමුඛත්වය නොදී රටේ සියලුම ජනතාව රටේ ගජමිතුරන් ලෙස සැලකූ බැවින් ඒ ගමන අපද යා යුතු බවත් එතුමා ගිය සංවර්ධන ඉලක්ක අභිබවා යන යුගය අප එකතු වී නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා හෙතෙම කියා සිටියේය.

එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආදරය කළ සුවහසක් අප රටේ ජනතාව මේ වන විට අසහනයෙන් පිඩනයෙන් දරිද්‍රතාවෙන් හා ප්‍රශ්න රැසකට ගොදුරු වී ඇති බවත් එතුමා සත්‍යවාදීව හා යථාර්ථවාදීව සැමරීම කළ යුත්තේ අප රටේ දුකින් පෙළෙන අසහනයට පීඩනයට පත් වන ලක්ෂ 220ක් අපේම රටේ ජනතාවගේ දුක නිවා කණගාටුව වෙනුවට සතුට නිර්මාණය කරමින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද රට පවතින තත්ත්වය තුළ අලුත් අභියෝගවල අලුත් විසඳුම් ලබා දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම රණසිංහ ප්‍රේමදාස මහතා සැබවින්ම අනුස්මරණය කිරිම බවට තමා විශ්වාස කරන බවත් සෑම තැනකම නැතිබැරිකම, ජීවනෝපාය කඩා වැටීම, සමස්ත දේශයම ආර්ථික ක්‍රියාදාමය අඩපණ වීම, රටේ ජනතාවගේ දුකට කණගාටුවට අසහනයට පීඩනයට හේතු වී ඇති බවත් මේ දුෂ්කර අවස්ථාවේ අප ජනතාව වෙනුවෙන් සැබවින්ම පෙනී සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

Post Views: 8,755
Previous Post

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාවක්

Next Post

පාකිස්ථාන නව මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

editor ttvnews

editor ttvnews

Next Post
පාකිස්ථාන නව මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පාකිස්ථාන නව මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved