ප්‍රමුඛ පෙළේ ඉන්දීය සාම්ප්‍රදායික ඇඳුම් (Ethnic wear) සන්නාමයක් වන Libas, සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ අරමුණින් මීළඟ මූල්‍ය වසරේ මුල් භාගය වන විට මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) සඳහා සූදානම් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෑත කාලීන භූ-දේශපාලනික අර්බුද සහ විදේශ ආයෝජන ඉවත් වීම හේතුවෙන් ඉන්දීය කොටස් වෙළඳපොළේ යම් අස්ථාවරත්වයක් පැවතියද, සමාගම සිය වෙළඳසැල් ජාලය සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, වෙළඳපොළේ පවතින අහිතකර තත්ත්වයන් දිගින් දිගටම පැවතුණහොත් මෙම කොටස් නිකුතුව තවත් මාස කිහිපයකින් ප්‍රමාද වීමට ඉඩ ඇති බව සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙක් ප්‍රකාශ කළේය. මැදපෙරදිග යුදමය තත්ත්වය සහ ඇමෙරිකානු තීරුබදු පීඩනය වැනි සාධක හේතුවෙන් ආයෝජකයින් යම් ප්‍රවේශම් සහගත පිළිවෙතක් අනුගමනය කිරීම මෙයට ප්‍රධාන හේතුවයි.
Libas සන්නාමය දැනටමත් ඉන්දියාවේ කාන්තා විලාසිතා ක්ෂේත්‍රය තුළ ප්‍රබල ස්ථානයක් දිනාගෙන ඇති අතර, මෙම ප්‍රාග්ධනය රැස් කිරීම හරහා තවදුරටත් නවීන තාක්ෂණය සහ නව වෙළඳ සැල් ආරම්භ කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

















