යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කියෙව් අගනුවර වෙත පැමිණි ඇමෙරිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් (Lindsey Graham) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, රුසියාව සාම සාකච්ඡා කරා යොමු කිරීමටත්, යුද්ධය අවසන් කිරීමටත් චීනයට තීරණාත්මක බලපෑමක් කළ හැකි බවයි. ව්ලැඩිමීර් පූටින් පාලනය කෙරෙහි වොෂින්ටනයට වඩා බීජිං (චීන) පාලනයට වැඩි බලපෑමක් කළ හැකි බැවින් ඉදිරි මාස කිහිපය රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළඹීමට කදිම අවස්ථාවක් බව ඔහු පෙන්වා දුන්නේය. මේ අතර, රුසියාවට පනවන නව සම්බාධක පනතට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායමේ සහාය ද මේ වනවිට ලැබී ඇති බවත්, යුක්‍රේනයේ ගුවන් ආරක්ෂණ පද්ධති ශක්තිමත් කරමින් චීනයේ මැදිහත්වීම ලබාගත හොත් යුද්ධය ඉක්මනින් අවසන් කළ හැකි බවත් සෙනෙට් සභිකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















